Computer Aided Design, Manufacturing and 3D Design Engineering Solutions in Sri Lanka

LightBlog
Showing posts with label 3D CAD. Show all posts
Showing posts with label 3D CAD. Show all posts

Monday, December 17, 2018

ඉංජිනේරු හා තාක්ෂණික අංශයේ විදෙස් රැකියා පහසුවෙන් ලබා ගනිමු!

2:55 AM 0

අද වන විට රැකියාවන් සඳහා විදේශගත බොහෝ අයගේ අපේක්ෂාව වන්නේ එම රටේම ස්ථිර පදිංචිය ලබාගැනීමය. විශ්ෂයෙන් යුරෝපිය රටවල් සහ ඔස්ට්‍රේලියාව යන රටවල් සඳහා වැඩි ප්‍රවනතාවක් ඇත. මෙසේ ස්ථිර පදිංචිය ලබාගැනීමට එම රටවල පුර්ණ කාලින රැකියාවක් තිබීම ඉතා වැදගත්ය. එම නිසා වෘත්තීමය රැකියාවක් අපේක්ෂාවෙන් විදෙස්ගත වෙන බොහෝ දෙනා කරනුයේ කිසියම් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා හෝ හැදෑරීමට සඳහා අදාල විදෙස් රට වෙත් අයදුම් කරීමයි. මෙහිදී ඔබ විශේෂයෙන් සැලකිය යුත්තේ ඔබ තෝරා ගන්නා වෘත්තීය කුසලතාව එම අදාල රටේ රැකියාවක් ලබා ගැනීමට හෝ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඉවහල් වේද යන්නය. නමුත් බොහෝ දෙනා මේ පිලිබඳ නිසි අවබෝධයක් නොමැතිව විදෙස් රැකියාවන් සඳහා අනුයුක්ත වන අතර අවසානයේ තම වෘත්තීය ලෙස, අර්ධ කාලින රැකියා හෙවත් part time jobs වලින් නතර වීමට සිදු වේ. 

Sunday, May 13, 2018

SOLIDWORKS 3D CAD Package Comparison

9:34 PM 0

SOLIDWORKS මෘදුකාංගය  සඳහා ප්‍රධාන වශයෙන් SOLIDWORKS Standard, SOLIDWORKS Professional සහ  SOLIDWORKS Premium ලෙස පැකේජ 3ක් ඇත. ව්‍යාපාරයේ අවශ්‍යතාව මත කුමන පැකජය යෝග්‍ය වන්නේද යන්න තීරණය කල යුතුය. පහත දක්වා ඇති table එකෙන් පැකේජ අතර වෙනස්කම් හඳුනාගත හැක.

Tuesday, April 10, 2018

අනවසර CAD මෘදුකාංග භාවිතයේ අවධානම | The Risks of Using Pirated CAD Software

3:50 AM 0
ආසියා පැසිෆික් කලාපයේ රටවල් 5 අතුරින් ශ්‍රී ලංකාව තුල 75% ක පමණ අනවසර මෘදුකාංග (pirated/ Cracked software) භාවිත අනුපාතයක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇත. සරලවම කියනවා නම්, ශ්‍රී ලංකාවේ 5 දෙනකුගෙන් 4 දෙනෙකු පමණ අනවසර මෘදුකාංග භාවිතා කරයි. මෙය CAD මෘදුකාංග සඳහාද පොදු තත්වයක් වී ඇත. CAD මෘදුකාංග බොහෝ විට යොදාගන්නේ ව්‍යාපාරික වශයෙන් නිසා මෙලෙස අනවසර මෘදුකාංග භාවිතය තවදුරටත් සරලව සලකා බැලීමට නොහැකි තත්වයට පත්වී ඇත. එසේම අනවසර මෘදුකාංග භාවිතා කිරීම සම්බන්ධයෙන් අපගේ ආකල්පය වෙනස් කිරීමට කාලය දැන් එළඹ තිබේ. මන්ද, පවුද්ගලික භාවිතය හෝ ව්‍යාපාරික වශයෙන් අනවසර මෘදුකාංග භාවිතා කිරීමේදී අප හට නොසලකා හැරිය නොහැකි සැබෑ අවදානම් බොහෝමයක් ඇත. 

Thursday, March 29, 2018

SOLIDWORKS සහ 3D Modelling සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවණතාවය!

4:13 AM 2

2018 වන විට බොහෝ ශ්‍රී ලාංකික නිෂ්පාදන සමාගම් යාන්ත්‍රික සැලසුම් සඳහා 2D සිට 3D සැලසුම් සඳහා පරිවර්ථනය වෙමින් පවති. මන්ද, 3D Solid Modeling නිර්මාණකරණය තුලින් නිෂ්පාදන සැලසුම් චක්‍රය කෙටි කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සහ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම් කඩිනම් කරමින්, නිෂ්පාදන සැලසුම් තොරතුරු ආයතනය තුල හා එහි සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයින් හරහා සන්නිවේදනය කාර්යක්ෂම කිරීම සිදු කරනු ලැබේ. මේ මගින් ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන ඉතා ඉක්මනින් වෙළඳ පොලට සැපයිය හැකි අතර ඔබේ ව්යාපාරය සඳහා වැඩි අදායමක්, අඩු පිරිවැයක් යටතේ ලගා කර ගත හැක. පහත ගුණාංග නිසා මේ සදහා වඩාත්ම භාවිතා වන්නේ Solidworks මෘදුකාංගය වේ. 

Monday, February 19, 2018

SolidWorks යනු කුමක්ද?

1:59 AM 0


පළමුව Solidworks හා එහි  පසුබිම ගැන ඔබ දැනගත යුතුය. ඒ අනුව, Solidworks යන නාමය "DSS Solidworks" ලෙසද හැඳින්වේ. DSS යනු මෙම CAD මෘදුකාංගයේ සංවර්ධකයෙක් වන ඩැසෝට් සිස්ටම්ස් ය. මෙය CAD මෘදුකාංගය, සංකීර්ණත්වයෙන් තොරව, වේගවත් හා පිරිවැය ඵලදායී ආකාරයකින් 2D හෝ 3D ඕනෑම ඝන මාදිලි නිර්මාණය කිරීමට උපකාරී වේ. Solidworks මෘදුකාංගයේ ප්‍රධානම වාසිය වන්නේ අනෙකුත් CAD මෘදුකාංග සමඟ සැසඳීමේදී මෙය ඉතා සරල භාවිතා කළහැකි පරිශීලක අතුරුමුහුණතක් සහ වඩා යුසර් ෆ්‍රෙන්ඩ්ලි මෘදුකාංගයක් වීමයි. Solid modeling, Motion, Simulation, Toolbox, Data management, Electrical Design, Photo View 360, Scan To 3D, e-drawings  සහ DWG editor වැනි පහසුකම් මෙම මෘදුකාංගහි  අඩංගු වේ.

Sunday, February 18, 2018

Why Should I Switch to SOLIDWORKS 3D CAD Software?

10:04 PM 1
When you look beyond the short-term, however, 3D can make smaller companies more nimble and competitive, evening out the playing field with their bigger brethren, who are no doubt already using 3D CAD. Adopting 3D CAD also opens the door to a host of integrated design tools that can further sharpen their competitive edge and get their products to market faster.