Computer Aided Design, Manufacturing and 3D Design Engineering Solutions in Sri Lanka

LightBlog

Thursday, March 29, 2018

SOLIDWORKS සහ 3D Modelling සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවණතාවය!


2018 වන විට බොහෝ ශ්‍රී ලාංකික නිෂ්පාදන සමාගම් යාන්ත්‍රික සැලසුම් සඳහා 2D සිට 3D සැලසුම් සඳහා පරිවර්ථනය වෙමින් පවති. මන්ද, 3D Solid Modeling නිර්මාණකරණය තුලින් නිෂ්පාදන සැලසුම් චක්‍රය කෙටි කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සහ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම් කඩිනම් කරමින්, නිෂ්පාදන සැලසුම් තොරතුරු ආයතනය තුල හා එහි සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයින් හරහා සන්නිවේදනය කාර්යක්ෂම කිරීම සිදු කරනු ලැබේ. මේ මගින් ඔබේ ව්‍යාපාරයේ නිෂ්පාදන ඉතා ඉක්මනින් වෙළඳ පොලට සැපයිය හැකි අතර ඔබේ ව්යාපාරය සඳහා වැඩි අදායමක්, අඩු පිරිවැයක් යටතේ ලගා කර ගත හැක. පහත ගුණාංග නිසා මේ සදහා වඩාත්ම භාවිතා වන්නේ Solidworks මෘදුකාංගය වේ. 

Effective 3D Design Solution 


වෙළඳපොළේ ඇති අනෙකුත් CAD මෘදුකාංග වලට සාපේක්ෂව SolidWorks යනු පරාමිතික නිර්මාණ මොඩියුලය අයත්(parametric design modular) පහසුවෙන් භාවිතා කල හැකි මෘදුකාංගයකි. එබැවින් ඔබ නිර්මාණ සැලසුම් ක්‍රියාවලියෙහි ඕනෑම අධියරකදී පහසුවෙන් සැලසුම් කළ හැකිය.

RealView ග්රැෆික්ස් පහසුකම මඟින් ඔබට ඔබේ නිර්මාණය නිර්මාණයේදීම සජීවීව සංස්කරණය කළ හැකි අතර PhotoView 360 තුලින් තාත්වික ලෙස renderings සහ animations සදහා ඉඩ සලසා දෙනු ඇත. මෙම option තුලින් ඔබේ නිර්මාණය සබැ ලෙස පෙන් ආකාරයට එනම් virtual ලෙස එලි දැක්වීමට ඉඩ ලබා දෙයි. එය ඔබේ ගනුදෙනුකරුවන්ට ඔබේ සේවය ඉදිරිපත් කිරීමේදී ඉතා වැදගත් විය හැකිය. මේ සියල්ලෙන්ම සමස්ත නිර්මානකරණ ක්රියාවලිය වේගවත් කිරීම හා ඵලදායිතාවය ඉහළ නැංවීම සිදු වේ.

Educational Collaboration 

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ආයතන සහ පෞද්ගලික සහ රජයේ විශ්වවිද්යාල, ඉංජිනේරු හා තාක්ෂණික විද්යාල ඇතුළුව බොහෝ සංකයාවක් SolidWorks මෘදුකාංග භාවිතා කරයි. ප්‍රධාන වශයෙන් භාවිතා කරන මෘදුකාංගය වන්නේ ඝන ආකෘති නිර්මාණ (solid modelling) පරිගණක ආධාරයෙන් යුත් නිර්මාණයක් (CAD) සහ පරිගණක ආධාරයෙන් ඉංජිනේරු (CAE) සඳහා 
වේ. එමෙන්ම වර්තමානයේදී CAD CAM විෂයන් පාසැල් විෂය නිර්දේශය තුළට ඇතුළත් කර ඇති අතර උසස් අධ්යාපනය සඳහා එම විෂයධාරා අධ්‍යනය කිරීමට ශිෂ්යයන්ට අවස්ථාවක් ලැබී ඇත. මෙය ශ්‍රී ලංකාවේ ඉංජිනේරු කර්මාන්තයේ හිතකර තත්වයක් වන අතර, ඉක්මනින් වෘත්තීය පුහුණු ශ්‍රම බලකායක් බලාපොරොත්තු විය හැකිය. 

Best in class Customer Service 

ශ්‍රී ලංකාව තුළ SolidWorks නිෂ්පාදන සඳහා එකම බලයලත් අලෙවිකරුවා වන්නේ Acecam Pvt Ltd වේ. එමෙන්ම, ඔබට SolidWorks වෙතින් විශිෂ්ට තාක්ෂණික සහාය සේවාවක් දේශීය වශයෙන් අපේක්ෂා කළ හැකිය. ඔබට ඇති ඕනෑම ගැටළු SolidWorks දේශීය සහායක කණ්ඩායමක් මගින් කිසිදු බාධාවකින් තොරව විසඳා ගත හැකි වේ. මෙම තාක්ෂණික සහාය webinars, Workshops and Training & consultancy ආකාරයෙන් ලබා දෙන අතර, එය ඔබේ කාර්ය මණ්ඩලය දැනුම හා හැකියාවන් අඛණ්ඩව සංවර්ධනය කිරීමට උපකාරි වේ. මෑතකදී SolidWorks දේශීය සහකරු Acecam Pvt Ltd ශ්‍රී ලංකාවේ CAD පුහුණු මධ්යස්ථානය විවෘත කරනු ඇත. මෙම කර්මාන්තයේ සිටින සෑම කෙනෙකු සඳහාම ප්‍රයෝගික දැනුම සහ පුහුණුව ලබා ගැනීමට හොඳම අවස්ථාවක් ලබා දෙනු ඇත.

2 comments: