Computer Aided Design, Manufacturing and 3D Design Engineering Solutions in Sri Lanka

LightBlog

Monday, December 17, 2018

ඉංජිනේරු හා තාක්ෂණික අංශයේ විදෙස් රැකියා පහසුවෙන් ලබා ගනිමු!


අද වන විට රැකියාවන් සඳහා විදේශගත බොහෝ අයගේ අපේක්ෂාව වන්නේ එම රටේම ස්ථිර පදිංචිය ලබාගැනීමය. විශ්ෂයෙන් යුරෝපිය රටවල් සහ ඔස්ට්‍රේලියාව යන රටවල් සඳහා වැඩි ප්‍රවනතාවක් ඇත. මෙසේ ස්ථිර පදිංචිය ලබාගැනීමට එම රටවල පුර්ණ කාලින රැකියාවක් තිබීම ඉතා වැදගත්ය. එම නිසා වෘත්තීමය රැකියාවක් අපේක්ෂාවෙන් විදෙස්ගත වෙන බොහෝ දෙනා කරනුයේ කිසියම් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා හෝ හැදෑරීමට සඳහා අදාල විදෙස් රට වෙත් අයදුම් කරීමයි. මෙහිදී ඔබ විශේෂයෙන් සැලකිය යුත්තේ ඔබ තෝරා ගන්නා වෘත්තීය කුසලතාව එම අදාල රටේ රැකියාවක් ලබා ගැනීමට හෝ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඉවහල් වේද යන්නය. නමුත් බොහෝ දෙනා මේ පිලිබඳ නිසි අවබෝධයක් නොමැතිව විදෙස් රැකියාවන් සඳහා අනුයුක්ත වන අතර අවසානයේ තම වෘත්තීය ලෙස, අර්ධ කාලින රැකියා හෙවත් part time jobs වලින් නතර වීමට සිදු වේ. 


මෙහිදී විවිද වෘත්තීය කේෂ්ත්‍ර සඳහා අදාල රටවල රැකියා ඉල්ලුම සඳහා ප්‍රමුඛතාවය වෙනස් වේ. උදාහරණයක් ලෙස බොහෝ කාර්මික රටවල ඉංජිනේරු කේෂ්ත්‍රය සදහා සාපේක්ෂව රැකියාවක් ලබා ගැනීම පහසුය. මෙහෙදී ඔබ යාන්ත්‍රික හෝ විදුලි තාක්ෂනික ඉංජිනේරු කේෂ්ත්‍රයේ විදෙස් රැකියාවක් අපේක්ෂා කරන අයෙක් නම් ඔබ හට SOLIDWORKS ගෝලීය සහතිකලත් සුදුකම ලබා තිබීම ඔබේ රැකියා අවස්ථා සඳහා ඉතා වැදගත් වනු ඇත. මිට හේතුව වන්නේ බොහෝ කාර්මික රටවල් නිර්මාණ, නිෂ්පාදනය, පරියේෂණ හා නවෝත්පාදන සඳහා SOLIDWORKS මෘදුකාංග භාවිතා කිරීමයි. මේ නිසා SOLIDWORKS සහතිකපත්ලාබින් හට මෙම රටවල විශේෂ ඉල්ලුමක් දනින්නට ලැබේ. උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාව වැනි රටක SOLIDWORKS දැනුම හා හැකියාව ඇති තාක්ෂණවේදීන් සඳහා මසකට 300-400 අතර රැකියා ප්‍රමණයක් වෙළදපොලට විවෘත වේ. මේ හේතුවෙන් මේ කේෂ්ත්‍රයේ පුර්ණ කාලින රැකියාවක් සොයා ගැනීම පහසු වී ඇත. මෙහිදී සැලකිය යුතු අනෙකුත් කාරණය වන්නේ ඔබේ දැනුම හා සුදුකම් සහතිකලත් වීමයි. එනම් ඔබ හට ගෝලීය වශයෙන් පිළිගත් SOLIDWORKS සහතිකපත්ලාබියෙකු වී තිබය යුතුය. මෙහිදී ඔබට කිසියම් අධ්‍යාපන ආයතනයකින් ලබා දෙන විවිද සහතිකපත් වලංගු වන්නේ නැත. මේ සඳහා ඔබට SOLIDWORKS සමාගම විසින් ලබාදෙන CSWA, CSWP, CSWE වැනි වෘත්තීය සුදුකම් සඳහා සහතිකපත් ලබාගත යුතුය. මෙම වෘත්තීය සුදුකම් ලෝකේ ඕනෑම රටක පිළිගනු අතර පහසුවෙන් රැකියා අවස්ථා ළඟාකරගත හැක. මෙම වෘත්තීය සුදුකම් පාඨමාලාවක් ලෙස විදෙස් රටක හැදෑරීමට සැලකිය යුතු පිරිවැයක් දැරීමට සිදු වේ. නමුත් අද වනවිට මෙම අදාල වෘත්තීය සුදුකම් ඔබට ශ්‍රී ලංකාව තුලදීම ඉතා පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව ලැබී ඇත. ශ්‍රී ලංකාව තුල මේ වෘත්තීය සුදුකම් සඳහා අදාල වෘත්තීය පුහුණුව හා සහතිකපත් ලබාදිය හැකි SOLIDWORKS සමාගම විසින් අනුමත කර ඇති එකම ආයතනය වන්නේ Acecam Pvt Ltd ආයතනයි. Acecam සමාගම යනු ශ්‍රී ලංකාව තුල SOLIDWORKS මෘදුකාංගය අලෙවිය, බෙදාහැරීම සහ පුහුණුව ලබා දෙන, SOLIDWORKS සමාගමේ ලියාපදිංචි මෙරට බලයලත් එකම නියෝජිතයා වේ.

අවසාන වශයෙන් පැහැදිලි කිරීමට ඇත්තේ ඔබ විසින් විදෙස් රැකියා හා පදිංචිය අපේක්ෂාවෙන් සිටිනම් ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් හා අදාල කේෂ්ත්‍රය සදහා ඇති ප්‍රමුකතාවය හා තරගකාරිත්වය ගැන මනා අවබෝදයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා අදාල බලයලත් විදේශ රැකියා නියෝජිත ආයතන වලින් හා අන්තර්ජාලයෙන් විමසා බැලීම සිදු කල හැක.


No comments:

Post a Comment