Computer Aided Design, Manufacturing and 3D Design Engineering Solutions in Sri Lanka

LightBlog

Wednesday, March 14, 2018

ඔබගේ ව්‍යාපාරය සඳහා නිවැරදි CAD මෘදුකාංගයක් තෝරාගන්නේ කෙසේද?

ඔබට ව්‍යාපාරික මෘදුකාංගක් මිලදී ගැනීමට හේතු කිහිපයක් බලපෑ හැකිය. එනම් ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් සඳහා සහාය වීම, පවතින ගැටළුවක් නිරාකරණය කිරීමට හෝ ව්‍යාපාරයේ සිදු කරන ආකාරය වෙනස් කිරීමට සහාය වීමයි. ඔබ මිලදී ගන්න මෘදුකාංගය ව්‍යාපාරයට අවශ්‍ය  සහාය ලබා දීම හෝ ව්‍යාපාරය පවතින ආකාරය වෙනස් කිරීම හෝ ඔබ අපේක්ෂා කරන ප්‍රතිපලය ලබා දීමට සමත් නොවේ නම්, එය තාක්ෂණික හැකියාවන් අතින් කොපමණ ඉහල මට්ටක තිබුනත්  පලක් නොමැත. මෘදුකාංගය කෙතරම් දුරට ඔබේ ව්‍යාපාරයට ගැලපේද යන්න තීරණය වන්නේ මෘදුකාංගය තුලින් ඔබේ ව්‍යාපාරයේ ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඇති හැකියාවන් මතය.

ඔබේ අවශ්යතාවන්ට ගැළපෙන නිවැරදි CAD මෘදුකාංගය තෝරා ගැනීම තරමක් අපහසු කාර්යයකි. කර්මාන්තයේ ඉහල නාමයක් දිනු CAD මෘදුකාංග තෝරා ගැනීම සැමවිටම සුදුසු නොවේ. පළමුව, ඔබ හදුනා ගත යුත්තේ මෘදුකාංගයක් සඳහා ඔබේ ව්‍යාපාරයට ඇති අවශ්‍යතාවය හා එමගින් ඔබ අපේක්ෂා කරන ප්‍රතිපලය ලගා කරගත හැකිද යන්න වගය. එමෙන්ම මෘදුකාංගයේ පිරිවැය, ඔබ භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය (වින්ඩෝස් හෝ මැක්) ක්රියාකාරීත්වය සහ තාක්ෂණික සහාය වැනි කරුණු ඉතා වැදගත් වේ.    

CAD මෘදුකාංගයක් මිලදී ගැනීමේදී ඔබ විසින් සලකා බැලිය යුතු වැදගත් කරුණු!  

[1] තාක්ෂණික හැකියාවන් සහ මෙවලම් (Functionalities) - මෘදුකාංගය මගින් ඔබේ අපේක්ෂාව හෝ අවශ්යතා සපුරාගත හැකිදැයි පරීක්ෂා කරන්න.

[2] පිරිවැය (Cost) - මෘදුකාංගයේ පිරිවැය ඔබට දැරිය හැකිද යන්න වග සලක බැලිය යුතුය. සන්නම් නාමය අනුව අධික පිරිවැයක් දරා මෘදුකාංග ගැනීම සුදුසු නොවේ.

[3] තාක්ෂණික සහාය (Technical support) - මෘදුකාංගය සඳහා හොඳ තාක්ෂණික සහායක් දේශීය වශයෙන්  හෝ වෙනත් මාධ්‍යක් තුලින් ලබා ගත හැකිද යන්න සොයා බැලිය යුතුය. 

[4] පරිශීලක මිත්රශීලී බව (User friendly) - මෘදුකාංගය පහසුවෙන් තේරුම් ගත හැකි බව සහ එම පරිශීලකයින්ව එය සඳහා පහසුවෙන්ම අනුගත කළ හැකිදැයි සොයා බැලිය යුතුය. එසේ නොමැති වුවහොත් මෘදුකාංගය අධ්‍යනය කර අනුගත වීම සඳහා විශාල කාලයක් වැය වනු ඇත. 

[5] පරිශිලකත්වය (Flexibility) - ඔබගේ අවශ්යතා අනුව මෘදුකාංගය වෙනස් කිරීමට හෝ නව අංග එකතු කිරීමට ඇති පහසු බව සලකා බැලිය යුතුය.

[6] අනුකුලතාවය (Compatibility)  -  මෘදුකාංගය සම්මත CAD ආකෘති වලට අනුකූලද යන්න සහ ඔබේ වර්තමාන මෙහෙයුම් පද්ධතිය හා දෘඩාංග සමඟ අනුකූල වේදැයි පරීක්ෂා කාලය යුතුය.

එමෙන්ම ඔබ කරන කාර්යය සඳහා නිවැරදි මෙවලමක් අවශ්‍ය වුවද ඔබ භාවිතා නොකරන මෘදුකාංගයේ ඇති විශේෂාංග මත මුදල් වියදම් කිරීමට අවශ්‍ය නැත. එබැවින්, ඔබේ වියදම් කරන  මුදල් සඳහා වඩා හොඳ වටිනාකමක් ලබාදිය හැකි මෘදුකාංගයක් පමණක් ලබා ගැනීමට වග බලා ගන්න.

Best CAD Tools to Grow your Business in 2018




No comments:

Post a Comment